SL vs ENG 2nd Test: දෙවන දිනය නිමා වන විට එංගලන්ත දෙවැනි ඉනිම – 25/1
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවැනි දිනය ඊයේ (30) නිමාවට පත් වුණා.
ඒ අනුව සිය දෙවැනි ඉනිම සඳහා නැවත පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම දිනය නිමාවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 25ක් ලබා සිටිනවා.
පළමු ඉනිම සඳහා පන්දුවට පහරදීමේදී එංගලන්ත කණ්ඩායම ලකුණු 427 ක් ලබාගත් අතර, එහිදී Joe Root ලකුණු 143 ක්ද, අංක 08 පිතිකරු Gus Atkinson අගනා ලකුණු 118ක්ද ලබා ගත්තා.
පන්දු යැවීමේදී ශ්රි ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්රනාන්දු කඩුළු 05 ක්ද, මිලාන් රත්නායක හා ලහිරු කුමාර කඩුලු 2 බැගින්ද බිඳ හෙළීමට සමත් වුනා.
දිවා ආහාරයට පෙර පළමු ඉනිම සඳහා පන්දුවට පහර දීමට පැමිණි ශ්රි ලංකා කණ්ඩායම පන්දු වාර 56 ක් තුලදී ලකුණු 196 කට සියළු දෙනා දැවී ගිය අතර එහිදී කමිඳු මෙන්ඩිස් ලකුණු 74 ක් ලබා ගත්තා.
මේ වන විට එංගලන්ත කණ්ඩායම ශ්රි ලංකා කණ්ඩායමට වඩා ලකුණු 256 ක් ඉදිරියෙන් පසුවනවා.